Language Switcher

V2025

මැතිවරණ කොමිසමේ ආයෙත් අවුලක් !

පළාත් පාලන චන්දෙ මාර්තු 09 තියනවා කියලා, මැතිවරණ කොමිසමේ සභාපති නාමයෝජනා දුන්න දවසේ කිව්වට මොකද , තාම ඒක ගැසට් කරලා නෑ . ඊයේ, ඒ කියන්නේ සඳුදා, ඔය ගැන ලොකු හාහොවක් ගියා.

''පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නෑ කියලා, ලංකාදීප වෙබ් එකේ ඊයේ හවස නිව්ස් එකක් තිබුනා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කෝට් කරලා තමයි ඒ නිව්ස් එක දාලා තිබුනේ.

මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වෙන්නේ නෑ කියලත් ප්‍රවීන නීති විශාරදයකු වන, මහානාම හේවා ලංකාදීපේ ට කියලා තිබුණා.

එහෙම ගැසට් නිවේදනය නිකුත් කළා නම්, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නද කියලා, ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගන්න තිබුනා කියලත් මහානාම හේවා කියනවා.

මහානාම උන්නැහේ එහෙම කියන්නේ මැතිවරණ කොමිසමේ බෙදිල්ලක් තියනවා කියලා පහුගිය දවස් ටිකේම ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල තිබුන නිව්ස් ඇත්තයි කියල කියන්න වගේ..

නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නෙවෙයි , ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම කියලත් මහානාම හේවා කියනවා.

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා (25), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ, මැතිවරණ කොමිෂන් සභාවත් ඉන්නේ, අන්තරාභවයක් වැනි තත්ත්වයක බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියනවා. මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බවත් මහානාම හේවා කියනවා.

පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ පස් දෙනාගේම නම් සදහන්ව තිබුණ අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතුව ඇති බවත් ප්‍රතිභා මහානාම හේවා කියනවා.

ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසම ම අවශ්‍ය වෙන බව කියන මහානාම හේවා , මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැතැයි කීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි ප්‍රශ්න කරනවා.

එතකොට එතුමා මේ නො කියා කියන්නේ චන්දයක් තියන එක ෂුවර් නෑ කියල ද ?

අවසාන මැතිවරණ කොමිසමේ රැස්වීමට සාමාජිකයන් 5 දෙනාගෙන් තිදෙනකු සහභාගි වී නෑ . දෙදෙනෙකුට මරණ තර්ජන සිදුවෙලා කියලා පොලිස් විමර්ශන පටන් අරන්. ඔන්න දැන් පස්දෙනාටම පොලිස් ස්කොඩ් දීලා.

ඔය අස්සේ සාමාජිකයන් තුන් දෙනෙක්, අද හෙට ඉල්ලා අස් වුවහොත් ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනවා.. දැනටම ඉල්ලා අස්වීමේ ලියුම් අරගෙනද කියලත් සැකයි..

මැතිවරණ කොමිසමට අලුත් ලොක්කෝ දාන්න යනවා කියලා , ලංකාදීපේ නිව්ස් එකක් යන්නේ ඔය වගේ සැකසංකා මතුවෙලා තියන වෙලාවක.. මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කරන්න ඉඩ තියනවා කියලත් ලංකාදීප කියනවා.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව, කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෙට (25) බදාදා රැස්වීමට නියමිතයි ලු..

දේශපාලන වාර්තාකරු