කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින්වලට බාධා සොයා බලන්න කමිටුවක් !

කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින්වලට බාධා සොයා බලන්න කමිටුවක් !

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වෝටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතූවෙන් කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විතව පත් කෙරෙන මෙම කමිටුව මගින් ඒ ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ‍දුන්නේය.

කිතුල්ගල ආශ්‍රිතව ක්‍රියාත්මක වන වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව දෙස්, විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශනයට ලක්ව තිබේ.

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දෙති. මේ ‍හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ගවලට ද විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවත් රටට විදේශ විනිමය උපයා ගැනීමට මහඟු හැකියාවක් ඇති මෙම ක්‍රීඩාවේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙසත් ඔව්හු ඉල්ලා සිටිති.

මෙම සාකච්ඡාවට සහභාගී වූ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ පවතින තාක්ෂණික විධිවිධාන වලට යටත්ව කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් සේවා සපයන පාර්ශ්වයන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

නමුත් අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දුන් ප්‍රායෝගික ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා ලබාදිය හැකි කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.