තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී ජයගත හැකි බව තමන් විශ්වාස කරන බව ද මෛත්‍රීපාල සිරිසේන කීවේය
තමන්ට එරෙහිව කුමන කුමන්ත්‍රණ කළත් බියනොවන බවත්, තමා කිසිදේකින් පස්සට යන මිනිසෙක් නොවන බවත් ඔහු පැවසීය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
තම පාලන කාලයේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව මෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත්ව එකතැන්ව සිටින ජනතාව වෙනුවෙනුත් තමා සමාව ඉල්ලා සිටින බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම වූ දඩ මුදල කෙසේ හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
