කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.
කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කළේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(03) අලුයම ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවු බවය.
උන්වහන්සේ කළක් රෝගාතුරව සිට තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කර තිබුණි.
මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔස්ලවල්ඩ් ගෝමිස් හිමිපාණන්, සාහිත්‍ය කේෂත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක නිරත විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
