09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර අද(23) පත් කෙරිණ.
ඒ , කමිටු සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් ය.
එහිදී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම කෝප් කමිටු සභාපති ධුරයට යෝජනා කළේ, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එය ස්ථීර කළේ ය.
විපක්ෂය නියෝජනය කරමින් කෝප් කමිටුවේ සභාපති ධුරයට එරාන් වික්‍රමරත්නගේ නම නලින් බණ්ඩාර යෝජනා කළේ ය.
එය ස්ථීර කළේ, රවුෆ් හකීම් යි.
එහිදී කමිටු සමාජිකයින් අතර ඡන්ද විමසීමක් පැවති අතර, මහාචාර්ය රංජිත් බණ්ඩාර නව කෝප් කමිටු සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
