නව ත්‍රස්තවාදී පනතට අනුව සැකකරුවන් රඳවා ගන්න හැටි මෙන්න !

නව ත්‍රස්තවාදී පනතට අනුව සැකකරුවන් රඳවා ගන්න හැටි මෙන්න !
නව ත්‍රස්තවාදී පනතට අනුව සැකකරුවන් රඳවා ගන්න හැටි මෙන්න !
නව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය
යටතේ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
 
ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේ අධිකරණ අමාත්‍යංශයේ අද(30) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර ඇති බවත්  එම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ තීන්දුවට සියල්ල යටත් වන අතර මෙම පනත සම්බන්ධව සෑහිමකට පත් නොවන පුද්ගලයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
 
නව පනත යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයින් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ කටයුත්ත අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු වන බව ද මෙම පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන බවට සදහන් කරන කිසිවෙක් නව පනත කියවා නැති බවද අමාත්‍යවරයා  වැඩිදුරටත් පවසයි.
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න