සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පමණ ආණ්ඩුවට එක් වනු ඇති බව ජනාධිපති
උපදේශක වරයෙකු විසින් පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට පවසා ඇතැයි වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවති හමුවකදී මේ බව සඳහන් කර තිබේ.
එසේ ආණ්ඩුවට එක්වන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණට අමාත්‍යධූර ලබාදෙනවාට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවද ජනාධිපති උපදේශකවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.
එහිදී එහි සිටි පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු සඳහන් කර ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුව ස්ථාවර වන්නේ නම් තමන්ගේ ද අකමැත්තක් නොමැති බවය. නමුත් මෙතක් අවස්ථා කිහිපයකදී සජබ මන්ත්‍රී පිරිසක් අද එනවා හෙට එනවා යැයි කීවද මෙතෙක් නම් ඒ කිව්ව ආකාරයට නොපැමිණි බවත් ඔහු සිහිපත් කර ඇති බවත් වාර්තා වෙයි.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති වීම කිසිදු ගැටළුවක් නැති බවත් ඔහු තම පක්ෂයේ හිටපු නායකයා බවත් මන්ත‍්‍රීවරයා පවසා ඇති අතර
අලූත් ආණ්ඩුවට අලුත් වැඩපිළිවෙළක් යටතේ එක්වීමට සූදානම් බව මෙන්ම ජනාධිපතිවරණයක් වන තෙක් එම වැඩපිලිවෙල තුළ ගමන් කළ හැකි බවද හෙතෙම ඔහු පවසා ඇතැයිද වාර්තා වෙයි.

