සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පමණ ආණ්ඩුවට එක් වනු ඇති බව ජනාධිපති
උපදේශක වරයෙකු විසින් පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට පවසා ඇතැයි වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවති හමුවකදී මේ බව සඳහන් කර තිබේ.
එසේ ආණ්ඩුවට එක්වන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණට අමාත්‍යධූර ලබාදෙනවාට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවද ජනාධිපති උපදේශකවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.
එහිදී එහි සිටි පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු සඳහන් කර ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුව ස්ථාවර වන්නේ නම් තමන්ගේ ද අකමැත්තක් නොමැති බවය. නමුත් මෙතක් අවස්ථා කිහිපයකදී සජබ මන්ත්‍රී පිරිසක් අද එනවා හෙට එනවා යැයි කීවද මෙතෙක් නම් ඒ කිව්ව ආකාරයට නොපැමිණි බවත් ඔහු සිහිපත් කර ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
