පළාත් පාලන ආයතනවල ඡන්ද ප්‍රමාණය හා සිතියම් පිළිබද තොරතුරු ඇතුළත් කරමින් සීමානිර්ණය වාර්තාව සකස් කර තිබෙයි.
සීමානිර්ණය පිළිබද කමිටු සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දී ඇත.
අටදහසකට අධික වන පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය හරහා හාරදහසේ සීමාවට රැගෙන ඒමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි
පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සීමා නිර්ණ කමිටුව පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පියවර ගත්තේය.
ඒ අනුව එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පත් කෙරුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
