ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ඊයේ(12) ප්‍රකාශ කර ඇත.
චීනයටත් මේ සඳහා එකතු විය හැකි නම් එය ඉතාමත් වටින බවද ජපාන මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම ජපානය , ප්‍රංශය සහ ජී20 සමුළුවේ සභාපතිත්වය දරන ඉන්දියාව ආරම්භ කිරීමට යන නව වේදිකාව පිළිබඳ නිවේදනය අද(13) සිදු කෙරෙනු ඇති බව ජී7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය සුසුකි පෙන්වා දී තිබේ.
නව වේදිකාව යටතේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
