පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රත්‍රන් කිලෝග්‍රෑම් 3.5ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේ දී අද (23) රේගු භාරයට ගෙන ඇත.
මෙම මන්ත්‍රීවරයා මැද පෙරදිග සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මෙලෙස රේගුව විසින් රඳවා ගත් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
හෙට (24) පාර්ලිමේන්තු කටයුතු සඳහා ආණ්ඩුව පාර්ශ්වයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවීම අනිවාර්යය කරන ඉරි තුනේ නිවේදනයක් මේ වන විට නිකුත්කර ඇති අතර මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ ඒ සඳහා බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
