ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට ඊයේ (23) පැමිණිල්ලක් යොමුකර ඇත .
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය කටයුතුවල නිරත නිලධාරියෙකු විසින් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ මෙම පැමිණිලිකරු වයස අවුරුදු 37ක් වන ගලෙන්බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් තමාට පහරදීමට උත්සහාගත් බවත් එහිදී කිහිප දෙනෙක් එය වැලැක්වූ බැවින් පහරදීමට නොහැකි වූවත් ඔහු පොලීසියට පවසා තිබේ. මන්ත්‍රීවරයා අනතුරුව තමාට තර්ජනය කළ බවද ඔහු සිය පැමිණිල්ලෙහි දක්වා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
