ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මේ බව සඳහන් කර ඇත්තේ 76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් වන අතර මීළඟ ගෝලීය වසංගතය කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවත් ඒ මඟින් පෙන්වාදී තිබේ.

කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බවද ඔහු සඳහන් කරයි.

මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින අතර එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි වසංගත තත්ත්වයට මුහුණදීමට සූදානම් විය යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න