Language Switcher

V2025

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්  අද (4) පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181.00 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 83.00 කින් ද අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3186.00 ක් දක්වාද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1281 .00 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 598.00 දක්වා ද පහත වැටුණු බව මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.