Language Switcher

V2025

මැකොස වෙතින් තවත් විරෝධයක් !

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පවසන්නේ මේ පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බවය.

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කළේය.

මේ තීරණයෙන් පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම සිදුවන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.