රත්‍රන් සබ්‍රිට VIP දොර වැහෙයි !

රත්‍රන් සබ්‍රිට VIP දොර වැහෙයි !

ගුවන් තොටුපොළ VIP පර්යන්තය හරහා හොරෙන් රත්රන් හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට හිමි අතිවිශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද (VVIP Facility) අහෝසි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු බලධරයන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි .

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා රත්රන් හා ජංගම දුරකථන සිද්ධියට කොටුවී දඩ මුදල් ගෙවා නිදහස් වීමෙන් පසු මොහුට එරෙහිව වහා පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත .

ඒ අනුව කරුණු අධ්‍යයනය කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාට ගුවන් තොටුපොළේදී හිමිවන අතිවිශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට අදාළව නීති හා උපදෙස් ලබාගෙන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මතයද විමසා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න