ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම: ඇමති ටිරාන් වාර්තාවක් කැඳවයි !

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම: ඇමති ටිරාන් වාර්තාවක් කැඳවයි !

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

මෙහිදී මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් පහරදීමට තැත්කරනු හා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු ලබන වීඩියෝවක්ද සමාජ ජාලවල පලවී ඇත.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙලෙස හැසිරුණේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන්කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න