ත්‍රයි නිකායික සංඝ නාහිමිවරුන් අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා - LGBTQI ප්‍රජාව (video )

ත්‍රයි නිකායික සංඝ නාහිමිවරුන් අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා - LGBTQI ප්‍රජාව (video )

ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.

(LGBTQ+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ).

ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ජුනි 4 වෙනිදා මේ වසරේ 'ප්‍රයිඩ් මාසය' සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලූපිටිය දක්වා පා ගමනින් ගමන් කළහ.

මෙවර එය 'නිදහසේ අභිමානී පා ගමන' (Freedom Pride Parade) යනුවෙන් නම් කොට තිබුණි.

සමාජ ක්‍රියාකාරිණි චානු නිමේෂා පා ගමන ආරම්භයට පෙර මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ "අපට සාධාරණ යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා අපි සටන් කරනවා අපේ ජනතාවට සමානාත්මතාව නෑ සමාජයේ විවිධ උසුළු විසුළුවට ලක් වෙනවා රැකියාවක් කිරීමට හැකියාවක් නෑ"

"ලෝකය පුරා මනෝවිද්‍යාඥයන් කියලා තියෙනවා මෙය ලෙඩක් නොවෙයි සමලිංගිකත්වය මාර එකක් නොවේ එයට ඉඩ දිය යුතු බව පවසා තිබෙනවා.අපේ ප්‍රජාවේ බොහෝ පිරිසක් සිය දිවි නසා ගැනීම වැඩියි මානසික ආතතිය නිසා. අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්‍රශ්නය" යනුවෙනි.

BBC

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න