චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
රාජ්‍ය අමාතවරයා පැවසුවේ, අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බවයි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ‘සිනොපෙක්’ සමාගම ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇත.
ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධයෙන් එම සමාගම වෙත බලය පවරා තිබේ.
මෙම ගිවිසුම්ගත වීම ඉදිරි අවුරුදු 20කට බලපැවැත්වෙයි.
සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) කොළඹදී සිදු කෙරුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
