ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
විදේශ අමාත්‍යවරයා ගුවන්තොටුපොලේදී පිළිගැනීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
ඉන් අනතුරුව සුහද සාකච්ඡාවක්ද පැවැත්වුණි.
ජපාන විදේශ අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
එමෙන්ම තවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකට ඔහු එක්විමට ද නියමිතය. ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
