ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ, සිය පැපුවා නිව්ගිනි සංචාරය අවසන් කරමින් ය.
ඊයේ රාත්‍රී 11.35 ට පමණ ප්‍රංශ රජයට අයත් ගුවන් යානා 3කින් ජනාධිපතිවරයා ඇතුළු දූත මණ්ඩල පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
මෙම පිරිස පිළිගැනීමට සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන් ය.
ගුවන් තොටුපොළ වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පැය 03 කට ආසන්න කාලයක් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැදී සිට පසුව අලුයම 01.44 ට නවැත ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
