වියළි කාලගුණය පානීය ජල සැපයුමටත් හරස් වෙන ලකුණු !

වියළි කාලගුණය පානීය ජල සැපයුමටත් හරස් වෙන ලකුණු !

මේ වන විට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී සිටියි.

ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද මණ්ඩලය සඳහන් කරයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර පවතින තත්ත්වය තුළ පාරිභෝගිකයින්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ දී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවත් පවසයි .

කෙසේ වෙතත් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවත් මේ මොහොතේ ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කර දෛනික කටයුතු සඳහා පමණක් ජලය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද එම මණ්ඩලය ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න