ලංකා සතොස ආහාර වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
හෙට (අගෝ. 17) සිට නව මිල ගණන් බලාත්මක බව ලංකා සතොස පැවසීය.
ඒ අනුව, LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 970ක් දක්වා පහළ යනු ඇත.
එමෙන් ම, සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625කි.
හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1160ක් දක්වා පහළ යනු ඇත.
බාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 675කි.
තව ද දුඹුරු සීනි කිලෝ එකක මිල රුපියල් 350ක් දක්වා පහළ දමා තිබේ.
සෙසු ආහාර වර්ගවල මිල ගණන් පහතින් දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
