ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවන් ඉහළ නැංවීමට පියවර

ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවන් ඉහළ නැංවීමට පියවර

ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා දැනුම් දී ඇත.

ඒ හරහා ඇතැම් ඖෂධ සැපයීමේ දී පවතින ඒකාධිකාරීත්වය වෙනුවට තරගකාරීත්වයක් ඇති වෙමින් ඒ තුළ ඖෂධ හිඟය හා මිල ඉහළ යාම වැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

වෛද්‍ය සැපයුම් අංශය සතු ජීවිතාරක්ෂක හා අත්‍යවශ්‍ය ඖෂධ තොග වසරකට ප්‍රමාණවත් වන පරිදි පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

adaderana.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න