අත්‍යවශ්‍ය පාරිභෝගික අහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
ඒ අනුව සොයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සන් ඇතුළු අහාර ද්‍රව්‍ය 6ක මිල පහළ දැමීමට සතොස පියවර ගෙන ඇත.
නව මිල ගණන් අද (සැප්. 20) සිට ක්‍රියාත්මක ය.
සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.
එමෙන් ම, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. සුදුළූණු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 620කි.
ලොකු ළූණු කිලෝවක් ද රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299ක් දක්වා පහළ ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
