පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පවසයි .
සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා වසර පහක පමණ කාලයක් ගත වන බවත් වසර පහකදී මෙම ප්‍රශ්නය අනිවාර්යෙන්ම විසඳීමට ඒ අනුව හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කරයි.
ඉදිරියේදී වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව පැවසූ විජේසූරිය මහතා එම පිරිස පැමිණි පසු මෙම අර්බුදකාරි තත්වයට විසඳුම් ලැබෙනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කර සිටියි.
පුහුණුව ලැබීම සඳහා වෛද්‍යවරුන් 600 ක පමණ පිරිසක් විදේශගතව සිටින බවත් මෙම පිරිසෙන් කොටසක් නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
නමුත් ඉන් සියයට 50ක් පැමිණියත් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පිරිස තව වසරකින් පැමිණීමට නියමිත බවද ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
