රටවල් 23 ක විදෙස් අමාත්‍යවරුන් ලංකාවට !

රටවල් 23 ක විදෙස් අමාත්‍යවරුන් ලංකාවට !

ඉන්දියානු සාගර වටද්දර සමුළුව (IORA) ඔක්තෝබර් (මෙම මස) 11දා කොළඹදී ආරම්භ වෙයි. මේ සඳහා විවිධ රටවල් 23ක විදේශ අමාත්‍යවරුන් කොළඹට පැමිණීමට නියමිතය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඇතුළු ආසියානු අප්‍රිකානු රටවල් රැසක විදේශ අමාත්‍යවරුන්ද මේ සඳහා එක්වන බව වාර්තා වෙයි.

ප්‍රධාන රටවල් 23ට අමතරව IORA සමුළුව නිරීක්ෂණ මට්ටමින් තවත් රටවල් 10ක් සහභාගි වෙති. ඇමෙරිකාව, චීනය, රුසියාව, ජපානය, ඊජිප්තුව ආදී රටවල් ඒ අතර වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම IORA සමුළුවේදී ගෝලීය ආර්ථික උපාය මාර්ගයක් සම්පාදනය, පොදු කලාපීය අභියෝග ජයගැනීමට වේදිකාවක් වීම, සංචාරක හා සංස්කෘතික අංශවල ප්‍රබෝධය සඳහා සැලසුමක් සැකසීම වැනි ප්‍රධාන අරමුණු සාධනය සඳහා කටයුතු කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. මෙම සමුළුව ඔක්තෝබර් 11-12 දෙදිනම පැවැත්වෙයි.

  • deshaya

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න