ජාත්‍යන්තර වරෙන්තු මැද පුටින් චීනයට !

ජාත්‍යන්තර වරෙන්තු මැද පුටින් චීනයට !

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක් – එක් මාවතක්” තෙවැනි සමුළුව හෙට බීජීං නුවරදී ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් චීනයේ බීජීං නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

මෙම සමුළුවට රටවල් 130ක සහ ගෝලීය සංවිධාන 30ක පමණ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවද එම වාර්තා වල සඳහන් වෙයි.

 මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ චීන ආගමනය පිළිබඳ විශේෂ අවධානයක් විදෙස් මාධ්‍ය විසින් යොමුකර ඇති අතර ඒ යුක්රේන යුද්ධයට අදාළව ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක එය සිදුව ඇති නිසාය .

කෙසේ වුවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 123ට චීනය අයත් නොවීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා චීනය සංචාරයට බාධාවක් නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න