නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ කොපි කර මාට්ටු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද ?

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ කොපි කර මාට්ටු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද ?

නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.

නීති විද්‍යාල විද්‍යාල ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන්නේ දැඩි විභාග කොන්දේසි යටතේය.

මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

ඒ අනුව අදාල මන්ත්‍රීවරයා මෙම පරීක්ෂණය වළක්වා ගැනීම සඳහා දේශපාලඥයන් පසුපස යමින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව තමාටත් යම් යම් ආරංචි ලැබෙමින් පවතින බවයි.

  • Lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න