සටන් විරාම යෝජනාව සම්මතයි

 සටන් විරාම යෝජනාව සම්මතයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.

සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මෙම සැසියේ දී යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 120ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත.

ශ්‍රී ලංකාව මේ සඳහා පක්ෂව සහාය ලබා දී අති අතර රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබේ.

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

මෙහිදී ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගිලාඩ් එර්ඩන් ඔක්තෝබර් 07වැනිදා හැඳින්වූයේ “අපකීර්තියට පත්වන දිනයක්” යනුවෙනි. හමාස් විනාශ කිරීමට ඇති එකම මාර්ගය වන්නේ ඔවුන්ගේ උමං මාර්ගවලින් සහ භීෂණයේ භූගත නගරයෙන් ඔවුන් මුලිනුපුටා දැමීම බව ඔහු පැවසීය.

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් 1400ක් පමණ මිය ගොස් ඇති අතර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගාසා තීරයේ තීව්‍ර වන මරණ සංඛ්‍යාව සහ විනාශය, ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා “මානුෂීය සටන් විරාම” සඳහා ජාත්‍යන්තර සහයෝගය ඉහළ නංවා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න