ඩලස්ට වගකීමක්....

ඩලස්ට වගකීමක්....

ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම

මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග වෙන වෙනම සාකච්ඡා කිරීම කණ්ඩායමේ සමගියට බාධාවක් බැවින්, එම කටයුතු ඩලස් අලහප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට විපක්ෂයේ පොදු සංධානයකින් තරග කිරීම කෙරෙහි එම කණ්ඩායමේ අවධානය යොමුවී ඇති අතර, ඒ සඳහා වන මූලික පියවරක් ලෙස මෙම සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි දැනගන්නට තිබේ.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ඡාවලට සම්බන්ධ වි එහි ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරනු ඇතැයි එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

(lankadeepa.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න