හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට දැනුම් දීමක්

හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට දැනුම් දීමක්

පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය එකඟ වන්නේ නම් සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි.

ඊශ්‍රායලයේ සිරමැදිරි තුළ සිටින සියලු පලස්තීන වැසියන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

එසේ නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ ඊශ්‍රායලයේ අරමුණු සපුරා ගැනීමට අපහසු වනු ඇතැයි, හමාස් සංවිධානය පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා තමන් සූදානම් නොමැති බවයි.

ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව නිදහස් කරගැනීමට තමන් සෑම විකල්පයක්ම යොදන බව නෙතන්යාහු වැඩිදුරටත් පවසයි.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, හමාස් සංවිධානය සමග පවතින ගැටුම්වල දෙවන අදියර ආරම්භ වී ඇති බවයි.

ඊයේ (28) රාත්‍රියේ ගාසා තීරයේ පිපිරීම්වල වැඩිවීමක් දක්නට ලැබුණු බව, විදෙස් මාධ්‍ය පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න