අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවනු ලැබුවොත් එහි වගකීම සමස්ත පාර්ලිමේන්තුවට භාරගැනීමට සිදුවන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , පාර්ලිමේන්තුවේදී අද (09) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනාධිකාරියට එරෙහි යෝජනාව වෙනුවෙන් වූ විවාදය අමතමිනි .
ක්‍රිකට් අර්බුදය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව ට සහය දක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය .
ලෝකයේ අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ලංකාවේ තරුණ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා.ඔවුන්ට තරග කරන්න වෙලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් එක්ක.ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් කුසලතා මෙන්ම අපේ කණ්ඩායමය අත්දැකීම් ගැන සලකා බැලිය යුතුයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
