රවී කෝ ??? : එජාප පසුපෙලින් ප්‍රශ්නයක් !

රවී කෝ ??? : එජාප පසුපෙලින් ප්‍රශ්නයක් !

යහපාලන සම්මුති ආණ්ඩුවේ අද (01) සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක වෙත අමාත්‍යධුරයක් ලබානොදීම ඔහුට සිදුකළ අසාධාරණයක් සේම ප්‍රශ්නකාරී තත්ත්වයක් බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

newstube.lk අමතමින් අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ බව අවධාරණය කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලබාදුන්නා නම් රවී කරුණානායක මහතා අමාත්‍යවරයෙකු කිරීමේ කිසිඳු ගැටළුවක් තමන් නොදකින බවය.

එසේම පසුගිය සමයේ විපක්ෂයේ කොටස් රවී කරුණානායක මන්ත්‍රීවරයා ඉලක්ක කර දැඩි දේශපාලන මඩ ව්‍යාපෘතියක් දියත් කළ පසුබිමේ අමාත්‍යධුරයෙන් පවා ඉල්ලා අස්වී ඔහු සිය ආසනය පවා ජයග්‍රහණය කරන්නට කටයුතු කළ අයෙකු බවත් එවන්නෙකු නොසළකා හැර කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ආණ්ඩුවටද නොසුදුසු ක්‍රියාවක් බවද ඔවුන් සඳහන් කරයි.

එසේම යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දැඩි කැපවීමකින් කටයුතු කළ රවී කරුණානායක වෙත එල්ලවූ චෝදනා  සියල්ලෙන් ඔහු නොදොස් කොට නිදහස් බව තහවුරු වී ඇති බවත් එහෙයින් පක්ෂයේ මෙන්ම ආණ්ඩුවේද ඉදිරි ගමන ශක්තිමත් කරගැනීම වෙනුවෙන් අමාත්‍යවරයකු ලෙස සම්බන්ධ කරගත යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

තවද ඉදිරි දින කිහිපය තුළ තමන් කණ්ඩායමක් ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඉහළ පෙළේ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔවුන් පවසයි. 

මේ සම්බන්ධව අදහස් දක්වන ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසා සිටින්නේ ඉදිරි සතියක පමණ කාලය තුළ රවී කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පාර්ශවයේ කිහිප දෙනෙකු වෙත අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමේ අපේක්ෂාවක් ඇති බවය. 

එසේම ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ගැන කළකිරී ආණ්ඩුවට සම්බන්ධවීමට සිටින ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුද  වන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න