ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගුවන් තොටුපළට හෝ වෙනත් ස්ථානයකට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (17) පොලිසියට නියෝගයක් නිකුත් කර තිබේ.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායිස් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
