හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද (18) උදෑසන කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවැත්වු අතර ඒ සඳහා අපේක්ෂා කළ තරම් පිරිසක් සහභාගීව නොමැති බව වාර්තා වෙයි .
මෙම කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකම අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වා ඇති අතර ඒ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වී ඇතත් මැති ඇමතිවරුන් ගේ සහභාගිත්වයේ අඩුවක් කැපීපෙනී තිබේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත .
"මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්"
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
