ලංකාව තුළ සිදුවන සත්ව හිංසනය පිටුදැකීමට බලධාරීන්ගේ අවධානය අවමවීම හේතුවෙන් වන සත්ව සම්පත මුහුණදී සිටින ඛේදවාචකයට එරෙහිව ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීමට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර ඇත.
සෆාරි කටයුතු වලදී සිදුවන සත්ව හිංසනයන්, දඩයක්කරුවන්ට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම, අඛණ්ඩව සිදුවන අලි ඝාතන ඇතුළු කාරනා රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමුකර ඇත.
ලංකාවේ අඛණ්ඩව සත්ව හිංසනය පිටුදැකීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් මෙරට සතු පොහොසත් ජෛව විවිධත්වය හීනවී යාමේ අවදානමක් ඇති බවත් එහෙයින් ලෝකය පුරා විසිරී සිටින සත්ව හිංසනයට එරෙහි පාර්ශව එක්කොට ඒ ගැන වන පණිවිඩය වගකිව යුතු පාර්ශව වෙත යොමුකරවීම පෙත්සම සංවිධානය කිරීමේ තම අපේක්ෂාව බව තැබීමට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.

