ඩීසල් සහ භූමිතෙල් සියයට 18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමුවී ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය .
ශ්‍රී ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ හම්බන්තොට ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් ලබන මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
