රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 5000ක් ජනවාරියේ සිට!

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 5000ක් ජනවාරියේ සිට!

විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක පඩි වැඩි වීම සම්පූර්ණයෙන් ම ජනවාරියේ සිටම ලබා දීමට ද එකඟතාව පළ වී ඇත.

රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5,000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබර් මාසයේත් ලබාදීමට අය-වැය කතාවේදී යෝජනා කෙරිණි.

අදාළ රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිට ම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේදී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5,000ක් ලබා දීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000 ම ලබා දීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්‍ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවේ සංඛ්‍යා දත්ත අනුව ජනවාරියේ සිටම පඩි වැඩි වීම ක්‍රියාත්මක කළ හැකි බව අනාවරණය වී තිබේ.

අදාළ රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී බ්‍රහස්පතින්දා (නොවැ. 23) පැවැත්විණි.

2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතනවලින් බදු ආදායම් එකතු කිරීමේ ඇස්තමේන්තුවද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනයට අනුව නොවැම්බර් 21 වන දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1457ක ආදායමක් උත්පාදනය කර තිබේ.

රේගු ආදායම රුපියල් බිලියන 842ක් ද, සුරාබදු ආදායම රුපියල් බිලියන 70ක් ද වන අතර එම ආයතනවලින් ලද මුළු ආදායම රුපියල් බිලියන 2,446කි.

නොවැම්බර් 21 වන දා වන විට අනෙකුත් ආදායම් ආයතනවලින් එකතු කර ගන්නා ලද ආදායම රුපියල් බිලියන 29ක් ලෙස දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න