රතු වරෙන්තුවට එරෙහිව මහේන්ද්‍රන් ඉන්ටර්පෝල් යයි !

රතු වරෙන්තුවට එරෙහිව මහේන්ද්‍රන් ඉන්ටර්පෝල් යයි !

තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.  

තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන බව කියමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ජාත්‍යන්තර පොලිසිය වෙත එම අභියාචනයක්‌ භාරදී තිබේ.  මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය පසුගියදා රතු වරෙන්තුවක්‌ නිකුත් කළේය. 

ඉන්ටපෝල් විමර්ශනයක් !

මේ අතර 'ලංකා නිව්ස් වෙබ්' වාර්තා කර ඇත්තේ, අර්ජුන මහේන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලීසිය (Interpol ) වෙත කල අභියාචනය සම්බන්ධයෙන්  එම ආයතනය විසින් විශේෂ සමාලෝචනයක් ආරම්භකර ඇති බවයි.  තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන බව කියමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇති බවත් රතු නිවේදනය අහෝසි කරන ලෙස එමගින් ඉල්ලීමක් කර ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මේ අතර මිග් යානා මිලදී ගැනීමේ දී මහා පරිමාණ මූල්‍ය වංචාවක්‌ සිදුකළ බව කියන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව ලබාදී ඇති රතු වරෙන්තුව සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර පොලීසිය (Interpol ) විසින් මේවනවිට විශේෂ සමාලෝචනයක් ආරම්භකර ඇත. 

ඕනෑම රතු වරෙන්තුවක් අහෝසි කිරීමේ අභිමතානුසාරී බලය ජාත්‍යන්තර පොලිසියට හිමිව තිබේ.

ශ්‍රී ලංකාව දේශපාලනික හේතු මත රතු වරෙන්තු අවභාවිතා කරන බවට ජාත්‍යන්තර පොලිසිය පූර්ව නිගමනයකට එළඹ ඇති බව 'ලංකා නිව්ස් වෙබ්' වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත් :

උදයංගගේ රතු වරෙන්තු ගැන ඉන්ටපෝල් සැකයෙන් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න