රවිට හා තොන්ඩමන්ටත් ඇමති ධුර !

රවිට හා තොන්ඩමන්ටත් ඇමති ධුර !

බ්‍රහස්පතින්දා දිනයේදී තවත් කැබිනට් සංශෝධන කිහිපයක් සිදුවනු ඇති බවත් ඒ අනුව එදින එජාප උප නායක රවි කරුණානායක මහතා හා ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දීමට නියමිතව ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඊයේ  දිනයේ සිදු කරන ලද කැබිනට් සංශෝධනයේදී ඇමති ධුරයක් හිමි නොවීම ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා, ‘මේ ගැන දැන්ම අදහසක් කියන්න උවමනා නෑ. බ්‍රහස්පතින්දැයින් පස්සේ අදහසක් කියන්නම්’ යයි කියා සිටියේය. 

නව ඇමැති මණ්‌ඩල සංශෝධනය යටතේ එතෙක්‌ පැවැති 47 කින් යුත් ඇමැති මණ්‌ඩලය 42 දක්‌වා ඊයේ අඩු විය. 

තොන්ඩමන්ට ආරාධනයක් !

රජය සමග එක්ව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහිපයකදීම තමන්ට ආරාධනා ලැබුණු බව ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා පවසයි.

හෙතෙම මේ බව පවසා සිටියේ,  හැටන් දික්ඔය නගර සභා බලප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හා නාගරික මන්ත්‍රීවරුන් සමග අද (01දා) හැටන් නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මැයි දිනය සංකේතවත් කිරීම සඳහා කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවැති උත්සවයකට සහභාගි වූ බැවින් තමන් කොළඹට නොගිය බවද හෙතෙම ඊයේ පවසා සිටියේය.

තමන් යළිත් කොළඹට යන බවත්, එහිදී කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් තොණ්ඩමන් මහතා පැවසීය. 

සබැඳි පුවත් 

රවී කෝ ??? : එජාප පසුපෙලින් ප්‍රශ්නයක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න