පොහොට්ටු මැයි රැළියට : 16 කණ්ඩායමට ආරාධනා නෑ

පොහොට්ටු මැයි රැළියට : 16 කණ්ඩායමට ආරාධනා නෑ

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව  ගාල්ලේ පවත්වන මැයි දින රැළියට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමට ආරාධනා නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එසේම මේ අවස්ථාව ඔවුන්ව එකතුකර ගැනීමට සුදුසු අවස්ථාව නොවන බවත් එකතුවිය යුතු වෙලාව  පැමිණි විට ඔවුන්ට ඒ බව දැනුම්දෙන බවත් ඔහු සඳහන් කර ඇත.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කල අතර කිසිම හේතුවක් මත තමන්ද ශ්‍රීලනිප මැයි රැළියට සහභාගී නොවන බවද ඔහු පැවසීය.

තවද වත්මන් ආණ්ඩුව දිගින් දිගටම වෘත්තීය අයිතිවාසිකම් නැති කරමින් කටයුතු කරන බවත් අමාත්‍ය මණ්ඩල සංශෝධන නොව කවර සංශෝධනයක් කළත් ආණ්ඩුවට රට නැවත ගොඩ ගැනීමට නොහැකි බවත්  ඔහු එහිදී  සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න