උදයංගගේ රතු වරෙන්තු ගැන ඉන්ටපෝල් සැකයෙන් !

උදයංගගේ රතු වරෙන්තු ගැන ඉන්ටපෝල් සැකයෙන් !

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව ලබාදී ඇති රතු වරෙන්තුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය (Interpol ) විසින් විශේෂ සමාලෝචනයක් ආරම්භකර ඇති බව 'ලංකා නිව්ස් වෙබ්' වාර්තා කරයි.

මිග්යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින යුක්‌රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා, තමන්ට එරෙහිව ලබාගෙන ඇති රතු වරෙන්තු ඉතා අසාධාරණ සහ අනීතික බවත්, තමා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරමින් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබේ.

ඔහු සිය නීතීඥයින් මාර්ගයෙන් ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දී ඇත්තේ මෙම රතු වරෙන්තු දේශපාලනික හේතූන් මත ලබා ගත් ඒවා බැවින් ඒවා අහෝසි කරන ලෙස ය.
ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය උදයංග මහතා ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලමින් ඔහුටඑරෙහි වරෙන්තු පිළිබඳව ඉදිරි දිනකදී සමාලෝචනය කරන බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. 

මෙය හුදෙක් දැනුම්දීමක් පමණක් වන අතර කරුණු දැක්වීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබාදී නැත. 

ඕනෑම රතු වරෙන්තුවක් අහෝසි කිරීමේ අභිමතානුසාරී බලය ජාත්‍යන්තර පොලිසියට හිමිව තිබේ.

රතු වරෙන්තු අවභාවිතා කරන බවට සැකයක් : 

ශ්‍රී ලංකාව දේශපාලනික හේතු මත රතු වරෙන්තු අවභාවිතා කරන බවට ජාත්‍යන්තර පොලිසිය පූර්ව නිගමනයකට එළඹ ඇති බව 'ලංකා නිව්ස් වෙබ්' වැඩිදුරටත් පවසයි.

මිග් යානා 07 ක්‌ මිලදී ගැනීමේදී රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවක්‌ සිදුකළ බවට යුක්‌රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා වෙත චෝදනා එල්ල වී තිබේ. 

මීට සති කිහිපයකට උඩදී ඒ මහතා ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස පොලිසිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඩුබායි පොලිසියෙන් ඉල්ලීමක්‌ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න