එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වුයේ සැබෑ ප්‍රතිසංවිධානයක් මිස මුහුණු මාරුවක් නොවන බව සඳහන් කරමින් අදාළ ප්‍රතිසංවිධාන කටයුත්ත මේ වන තුරු සිදුව ඇති ආකාරය කොහෙත්ම තෘප්තිමත්වසර විය නොහැකි බව එජාප බහුතර මතයවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වන විටත් ඒ සම්බන්ධව පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ප්‍රසිද්ධියේ විරෝධය දක්වන්නට ගෙන ඇති බවත් පක්ෂය හැරගිය පිරිස් ඇතුළුව පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීමට හැකි ආකාරයේ වෙනසක් සිදුනොවුවහොත් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සමබන්ධවද ඔවුන් අතර සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වෙයි.
25ක් නායකත්වයේ හිටියා - අවුරුදු කීයක් රට පාලනය කළාද? - අශෝක් අබේසිංහ
මේ අතර පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සඳහන් කර සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට පැමිණ වසර 25ක් පමණ වන බවත් ඉන් කොපමන කාලයක් රට පාලනය කලේදැයි කල්පනා කර බැලිය යුතු බවත් ය.
2019 ගැන හිතලා වැඩ කරමු
2019 අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයේදී පක්‍ෂය ජයග‍්‍රහණය කරවීමට කටයුතු කල යුතුව ඇතැයි අවධාරණය කරන ඔහු පක්‍ෂයේ පහල සාමාජිකයක් පූර්ණ ප‍්‍රතිසංවිධානයක් අපේක්‍ෂා කලද එය සිදු නොවූ බවත් ආණ්ඩු බලය තිබියදී පවා මැති රැළියක් පැවැත්වීමට නොහැකි තැනට ඇදවැටීම ගැන කණගාටු විය යුතුව ඇතැයිද සඳහන් කරයි.
පාර්ලිමේන්තු කණ්ඩායමේ 25ක් ප්‍රසිද්ධ විරෝධයක
එසේම පාලිත රංගේබණ්ඩාර, අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, සුජීව සේමසිංහ, රංජන් රාමනායක, චමින්ද විජේසිරි, හේෂාන් විතානගේ, ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්ත සම්බන්ධව ප්‍රසිද්ධියේ සිය අප්‍රසාදය පළකර ඇත.
ඒ අනුව මේ වන විට එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ 25 කට ආසන්න පිරිසක් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්තට එරෙහිව ක්‍රියාත්මකව සිටින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

