ගෑස් වැඩි කලාට ආහාර මිල වැඩිකරන්න දෙන්නේ නෑ - පාරිභෝගික අධිකාරිය

ගෑස් වැඩි කලාට ආහාර මිල වැඩිකරන්න දෙන්නේ නෑ - පාරිභෝගික අධිකාරිය

රජය විසින් ගෑස් මිල වැඩිකිරීම හේතුවක් ගෙන එහි අයුතු ප්‍රයෝජන ගනිමින් ආහාර මිල වැඩි කිරීමට ආපන ශාලා හා හෝටල් හිමියන්ට ඉඩ නොදෙන බව පාරිභෝගිහ අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අධිකාරිය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණය පරිදී ගෘහස්ත ගෑස් මිල අප්‍රේල් 27 වන දින රුපියල් 245 කින් වැඩි කිරීමත් සමග එහි නව අලෙවි මිල රුපියල් රු. 1679 දක්වා වැඩි විය. මෙයට පෙර අවසන් වරට ගෑස් මිල වැඩි කරනු ලබුවේ 2017- සැප්තැම්බරයේදී රු. 110 කිනි. 

එහෙත් මෙම රජය 2015 ජනවාරි මස බලයට පත්වු විට කි ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896ක්ව පැවති අතර රජය එය වහාම රු. 1332 දක්වා අඩු කළේය. එයට පෙර 2014 වසරේදී ගෑස් සිලින්ඩරයක විකුණුම් මිල වුයේ 2441 ලෙසය.

වර්තමානයේ ගෑස් මිල රු 245 කින් වැඩිකළා වූවද මෙයට පෙර 2014- 2015 පැවති මිල ගණන් අනුව සැසදීමේදී එය අඩු මට්ටමක පවතින හෙයින් ආපන ශාල හා හෝටල් වල කිසිදූ ආහාරයක මිල වැඩි කිරීමට හේතුවක් නැතැයි පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න