පසුගියදා ලන්ඩන් නුවරදී අවසන් වූ චෝගම් හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ද නිල වශයෙන් ලංකාව නියෝජනය කළ නමුත් ඔවුන් දෙදෙනා අතර සමීප ඇසුරක් දක්නට නොවුබව 'ලංකා නිව්ස් වෙබ්' වාර්තා කරයි.
දින ගණනාවක් ලන්ඩනයේ එකම හෝටලයක නවාතැන් ගෙන සිටි ඔවුන් දෙදෙනා එකට හමුව ඇත්තේ 'මැන්චෙස්ටර් හවුස්'හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සැසියේදී පමණි.
විශ්වාසනීය ආරංචි මාර්ගවලින් මේ වන විට දැනගන්නට ලැබී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති නීතීඥවරයෙක් මෙන්ම හිටපු නීතිපතිවරයා ද වන තිලක් මාරපන ඇමතිවරයා සමග කෝපයෙන් පසුවීම නිසා මෙසේ සිදුවූ බවයි.
අමාත්‍ය තිලක් මාරපන මහතා පසුගිය දිනෙක, ජනපතිවරයාට එරෙහි විශ්වාසභංගක් කෙටුම්පත් කිරීම සඳහා සම්මාදම් වී ඇති බව ජනපතිවරයාට දැනගන්නට ලැබීම නිසා මේ විරසකය ඇති වී තිබේ.
තිලක් මාරපන නීතිපතිවරයා ව සිටියේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ ය. මේ කාලයේ ප්‍රේමදාස ජනපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් හෙවත් දෝෂාභියෝගයක් ඉදිරිපත් විය. මෙවිට නීතිපති තිලක් මාරපන එයට එරෙහිව සක්‍රිය කාර්යභාරයක් ඉටු කළේය. එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ජනපතිවරයා ව රැක ගත්තේය.
නමුත් මෙවර ඔහු කළේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජනපතිවරයා ව එළවා දැමීමට උත්සාහ කිරීමයි.
මේ බව සැළ වූ විට ජනපති සිරිසේන චෝගම් සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමට පෙර පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට තීරණය කළේය.
ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට උත්සාහ කළ කණ්ඩායමට, සිය සැලසුම් අඩු ගණනේ තාවකාලිකව හකුළා ගැනීමට සිදුවුණේ ඒ අනුව ය.
lankanewsweb.net)
සබැඳි පුවත් :
පාර්ලිමේන්තුවාරය වේලාසන අවසන් කළේ : දෝෂාභියෝගයක් වළක්වා ගන්න !

