අසහාය සිනමාකරු නික්මයයි !

අසහාය සිනමාකරු නික්මයයි !

ලාංකේය සිනමාවේ අසහාය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද 29 සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත විය.

ඒ පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

1919 අප්‍රේල් 5 දින දෙහිවල උපත ලැබූ ඔහුගේ 99 වන ජන්ම සැමරුම සිදුවුයේ පසුගිය  අප්‍රේල් 5 වනදා ය.

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකීය සිනමාකරුවා ලෙස හැඳින්වෙන ඔහුගේ සිනමා කළා දිවිය ආරම්භය 1947 දී එංගලන්තයට ගොස් හැදෑරු  කලා ශිෂ්‍යත්වයෙන් ආරම්භ විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 නිපදවූ  ‘රේඛාව’ චිත‍්‍රපටය මෙරට සිනමා වංශ කතාවේ නැවුම් අත්දැකීමක් වූ අතර ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, දෙළොවක් අතර ,ගොලු හදවත ,කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට ජනාදරයට පත්විය.

දේශීය හා විදේශීය වශයෙන් ඔහු සම්මාන රැසකට හිමිකම් කියූ අතර ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාවේදියා ලෙසද ඔහුව හඳුන්වයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න