අකිල මහ ලේකම් වුන හැටි දන්නේ රනිල්

අකිල මහ ලේකම් වුන හැටි දන්නේ රනිල්

පක්ෂ මහ ලේකම්ධුරය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත්වුයේ කෙසේද යන්න ඇසිය යුත්තේ පක්ෂ නායකයාගෙන් බවත් අදාළ ධුරය සඳහා අකිල විරාජ් අමාත්‍යවරයා පත්වීම දේශපාලන මණ්ඩලයේ ඒකමතික  තීරණයක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කරයි.

මහ ලේකම් ලෙස යෝජනාවූ ඉමිතියාස්ගේ නම වාෂ්ප වෙලා 

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ මාධ්‍යක් හමුවේ මේ බව අනාවරණය කළ අතර ඒ රුවන් විජේවර්ධන කමිටු වාර්තාව විසින් අමාත්‍යවරයෙකු නොවන පුද්ගලයකු පක්ෂ මහ ලේකම් ධුරයට පත්කළ යුතු බවත් ඒ සඳහා ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ නම යෝජනාවී තිබීමත් සම්බන්ධව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

එසේම මතුව තිබෙන ප්‍රශ්නය පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත් පවතින පක්ෂ ව්‍යවස්ථාව කාලීනව සංශෝධනය නොවීම හේතුවෙන් මෙම ප්‍රශ්න මතුවී ඇති බවද ඔහු පැවසීය. 
නිලධාරී ලැයිස්තුවක් ඉදිරිපත් කර විරුද්ධ නම් අත උස්සන්න කියලා 

තවද මන්ත්‍රීවරුන් 25 කට අධික ප්‍රමාණයක් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්තේ වන අර්බුදය සම්බන්ධව තමන් සමඟ කතාකර ඇති බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා පක්ෂ නායකයා නිලධාරී ලැයිස්තුවක් නම් කර විරුද්ධ අය ඉන්නවා නම් අත උස්සන්න කියන කටයුත්ත සදාචාරාත්මක නොවන බවද පැවසීය. ඒ වෙනුවට  පක්ෂ නායකත්වයට පවා සුදුසු 10 කට අධික පිරිසක් සිටින බවත් ඒ හමුවේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්ත මුළුමනින්ම අසාර්ථකවීම සම්බන්ධව පැහැදිළි වේදනාවක් ඇති බවද ඔහු සඳහන් කර ඇත.

එසේම රනිල් වික්‍රමසිංහ නායකතුමා වෙනුවට පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව කියන්නේ තමන් පමණක් නොවන බවත් හරීන් ප්‍රනාන්දු, සුජීව සේමසිංහ ඇතුළු මැති ඇමතිවරු රැසක් එම අදහස ප්‍රසිද්ධියේ සඳහන් කර තිබෙන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න