විදුලිය විසන්ධි වීම ගැන විශේෂ පරීක්‍ෂණයක්

විදුලිය විසන්ධි වීම ගැන විශේෂ පරීක්‍ෂණයක්

සමස්ත රට පුරාම ඊයේ (9) පස්වරුවේ පැය 5 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීම පිළිබඳව විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්‍ෂණයක පවත්වන බවත් ඒ සඳහා පසුව පරීක්‍ෂණ මණ්ඩලයක් ඉදිරියේදී පත්කරනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත  අද (10) පෙරවරුවේ පැවසීය.

කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රීය වී ඇති බවට මෙතෙක් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා කෙසේ වෙතත් මෙවැනි බිඳවැටීමක් පිළිබදව විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න