හෝර්ටන් තැන්නට කළ යුත්තේ කුමක්ද ? ජනපති පහදයි !

හෝර්ටන් තැන්නට කළ යුත්තේ කුමක්ද ? ජනපති පහදයි !

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ අද (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශණයට ලක්ව තිබෙන හෝර්ටන් තැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීම මගින් රටට ඉහළ විදේශ විනිමයක් උපයා ගත හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම සියලු කටයුතු පරිසර හිතකාමී සහ තිරසර ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

වනෝද්‍යානය ආශ්‍රිත ගම්මානවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළින් එම ජනතාවගේ ජීවිත නගා සිටුවීමට ද හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

අනතුරුව උඩවේරිය වතු යාය හරහා වැටී තිබෙන මාර්ගය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිරීක්ෂණයට ලක් විය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන භාරකරු ආර්.එම්.එන්.කේ. රත්නායක, මධ්‍ය පළාත් වනජීවි සහකාර අධ්‍යක්ෂ ජී. වික්‍රමතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න