පොලිස් ඇමති ටිරාන් අවසන් සටන නිවේදනය කරයි : කුඩ්ඩන් පාතාලයන්ට සොරි !

පොලිස් ඇමති ටිරාන් අවසන් සටන නිවේදනය කරයි : කුඩ්ඩන් පාතාලයන්ට සොරි !

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු පාතාල සාමාජිකයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීමට අදාළ අවසන් නිවේදනය නිකුත් කිරීමට ‌මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (16) කටයුතු කළේය .

එහිදී කුඩු ජාවාරම්කරුවන් කිසි කෙනෙකු ඉතුරු නොකරන ලෙස තමන් නියෝග කර ඇති බව කී අමාත්‍යවරයා පාතාල සාමාජිකයන්ටද අනතුරු ඇගවීමක් නිකුත් කිරීමට පියවර ගත්තේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ මෙහෙයුම් පටන් ගන්නා බවයි.

“මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරාගන්න මම ඒකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් සිදු වෙන්න ඕනේ, මේ රටේ කුඩුයි පාතාලෙයි. අපි අද ඉදලා හිතාගමු අපි මේක කරමු. සමහර විට සමාජ මාධ්‍යවල අපිට ගහයි. ඒ ගොල්ලෝ හිතනවා නම් ඒවා කරලා අපිව නවත්වන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නෑ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න